Meta සමාගමත් සිය ගිණුම් රැසක් ඉවත් කරයි..

Facebook Instagram Meta World Technology
By Wayomi Dec 01, 2023 12:20 PM GMT
Wayomi

Wayomi

Report

Facebook, Instagram වැනි Meta සමාගමට අයත් සමාජ මාධ්‍ය වල පවතින චීන ව්‍යාජ සහ නොමඟ යවන සුලු ගිණුම් රැසක් ඉවත් කිරීමට කටයුතු කළ බව Meta සමාගම නිවේදනය කරනවා.

අදාළ ගිණුම් මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ ඇමරිකානුවන් ලෙස පෙනී සිටිමින් ඇමරිකාව සහ චීනය අතර ඇති සබඳතා විවේචනයට ලක් කරමින්, දෙපාර්ශවය අතර බෙදුම්වාදී මත පැතිරවීමට උත්සාහ දරා ඇති බවයි Meta සමාගම පෙන්වා දෙන්නේ.

Meta සමාගමත් සිය ගිණුම් රැසක් ඉවත් කරයි.. | The Company Meta Removes Many Accounts

මෙම ගිණුම් ලොව පුරා සිටින අනෙකුත් පරිශීලකයන්ගේ ඡායාරුප සහ දත්ත ආදිය භාවිතා කරමින් සකසා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොස්ට් හුවමාරු කරමින් සහ අනෙක් අයගේ පොස්ට් වලට likes කරමින් සක්‍රිය ලෙස පැවති ගිණුම් වන අතර Meta සමාගම සඳහන් කර තිබෙන්නේ එම තොරතුරු බොහොමයක් X හෙවත් පෙර Twitter හරහා ලබා ගෙන ඇති බවයි.



ReeCha