චීන මෝටර් රථයකින් අභියෝගයක්..!
By Sewvandhi
චීනයේ ශ්‍යව්මි සමාගම නිෂ්පාදනය කර ඇති විද්‍යුත් මෝටර් රථ සඳහා ඇණවුම් ලබාගැනීම ආරම්භ කර තිබේ. එය එරට ප්‍රමුඛ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමකි.
එම මෝටර් රථයේ SU7 නමැති මොඩලය ඩොලර් 29,872ක් (යුආන් 215,900) ලෙස මිල සඳහන් කර ඇත.
විචාරකයෝ පවසන්නේ, ලෝක වෙළෙඳපොළෙහි විද්‍යුත් මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම පහත බසිමින් තිබෙන අවස්ථාවක ශ්‍යව්මි සමාගම සිය නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.
එමගින් වෙළෙඳපොළ තුළ මිල සඳහා ඇති තරගය තවත් දැඩි වෙතැයි අනුමාන කෙරේ.
ටෙස්ලා සමාගම චීන වෙළෙඳපොළට මෙම මොඩලය හා සමානම විද්‍යුත් මෝටර් රථයක් නිකුත් කර ඇති අතර එහි මිල යුආන් 245,000කි.