සජින් වාස්ට එරෙහි නඩුව යළි විභාගයට

Sajin de Vass Gunawardena Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Shehan Jul 21, 2025 05:23 PM GMT
Shehan

Shehan

Report

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස 2007 ජූනි 27 සිට 2008 මැයි 29 දක්වා කටයුතු කරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා, රජයේ ටෙන්ඩර් පටිපාටිවලට පටහැනිව පෞද්ගලික සමාගමකින් උපකරණ මිලදී ගැනීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබූ අයෙකි.

මෙම චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

මෙම නඩුව මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් එම චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණි. මෙම විරෝධතා පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා, සජින් වාස් ගුණවර්ධන මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

මහාධිකරණයේ තීන්දුවට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව, සශ්‍රී මහේන්ද්‍ර සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මහාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කරමින් එය බල රහිත කළේය.

ලංවිමම හෙට ලෙඩ වෙයි, අසනීප නිවාඩු කල් ඇතුව

ලංවිමම හෙට ලෙඩ වෙයි, අසනීප නිවාඩු කල් ඇතුව

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂිකා අනුශා සම්බන්ධප්පෙරුම මහත්මිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණයට නියෝග කළේය.

මෙම තීන්දුවත් සමඟ, සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් යළිත් වරක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිසමට අවස්ථාව හිමිව ඇත. මෙම නඩුවේ ඉදිරි විභාගයන් සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හෙළිදරව් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

රෝහිතගේ වාහනේ ගැන හොයද්දී ර‍ෝහිත ලෙඩ වෙලා.. - කතා කරගන්නවත් බෑලු

රෝහිතගේ වාහනේ ගැන හොයද්දී ර‍ෝහිත ලෙඩ වෙලා.. - කතා කරගන්නවත් බෑලු

ReeCha