රෝහිතගේ වාහනේ ගැන හොයද්දී ර‍ෝහිත ලෙඩ වෙලා.. - කතා කරගන්නවත් බෑලු

Rohitha Abeygunawardana Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 21, 2025 05:10 PM GMT
Shehan

Shehan

Report

නීති විරෝධී ලෙස මෙරට තුළ එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයෙකු වන රසික විතාන, පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලට අනුව, මෙම ජීප් රථය විවිධ කොටස් එකතු කරමින් මෙරට තුළ නීති විරෝධී ලෙස එකලස් කරන ලද්දක් බවට සැක පළ කර ඇත.

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

එසේ එකලස් කිරීමෙන් පසු, එම රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවා ඇති බවද වලාන දූෂණ මර්දන ඒකකය විසින් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ. මෙම රථයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසා ඇත්තේ, තම පුත්‍රයා වන රසික විතාන මෙම ජීප් රථය මිලදී ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන ඔශෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් බවයි. මෙම ගනුදෙනුව මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය පහසුකමක් යටතේ සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි සහතිකය, මුදල් ගෙවීමේ රිසිට්පත් ඇතුළු සියලු ලියකියවිලි තමන් සතුව ඇති බවත් ඔහු සඳහන් කර ඇත. එම ලියකියවිලි ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මාලිමාව අස්සේ ත්‍රස්තයින් හැංගුණා - පාස්කු ප්‍රහාරයට දැනුම තිබුණේ අනුරලා කියලා චෝදනා

මාලිමාව අස්සේ ත්‍රස්තයින් හැංගුණා - පාස්කු ප්‍රහාරයට දැනුම තිබුණේ අනුරලා කියලා චෝදනා

පොලිස් නිලධාරීන් මෙම ගනුදෙනුවේ විකුණුම්කාරිය ලෙස සඳහන් වන ඔශෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කළුතර ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් ඇත. එහෙත්, එම අවස්ථාවේදී ඇය නිවසේ නොසිටි බවත්, ඇයගේ දුරකථනය ක්‍රියා විරහිතව ඇති බවත් පොලිසිය පවසයි.

එමෙන්ම, ඇයගේ සැමියාද එම අවස්ථාවේ නිවසේ නොසිටි බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඔශෙල් මෙලනි අබේගුණවර්ධන සහ ඇයගේ සැමියාගෙන් තොරතුරු ලබාගැනීමට පොලිසිය තවදුරටත් උත්සාහ කරමින් සිටී.

ශිෂ්‍යත්වයට සූදානම් වෙන්න - විභාගයට දින නියම වෙයි

ශිෂ්‍යත්වයට සූදානම් වෙන්න - විභාගයට දින නියම වෙයි

මේ අතර, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලක ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතී. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මෙතෙක් හෙළිදරව් වී නොමැත.

අත්අඩංගුවට ගත් රසික විතාන, 2025 ජූලි 20 වන දින මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 2025 අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රාසික් සාරුක් මහතා අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

පොලිසිය මේ වන විට මෙම ජීප් රථයේ එකලස් කිරීමේ ක්‍රියාවලිය, එහි ලියාපදිංචි කිරීමේ කටයුතු, සහ ගනුදෙනුවට සම්බන්ධ පාර්ශවයන් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදුකරමින් සිටී. මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හෙළිදරව් වන බවට පොලිසිය අපේක්ෂා කරයි.

මෛත්‍රී, ගෝඨා, රනිල් අත්අඩංගුවට - පාස්කු අභියෝගය දැන් නීතියේ අතේ

මෛත්‍රී, ගෝඨා, රනිල් අත්අඩංගුවට - පාස්කු අභියෝගය දැන් නීතියේ අතේ

ReeCha