මනාලයාගේ "චෝලි කේ පීචේ" දැකපු මාමණ්ඩි මගුල මඟ නවත්වා මානාලිය ගෙදර අරන් ගිහින්..

By Piyumika Feb 02, 2025 08:32 AM GMT
Report

මනාලයෙක් තම විවාහ මංගල්‍යයේ දී ජනප්‍රිය බොලිවුඩ් ගීතයකට නර්තනය කිරීමට ගත් තීරණය ඛේදවාචකයකින් අවසන් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ පෙබරවාරිය අසුබ විය හැකි පිරිසක් ගැන ජනපති දුන්න ඉඟිය..

මේ පෙබරවාරිය අසුබ විය හැකි පිරිසක් ගැන ජනපති දුන්න ඉඟිය..

මිතුරන් විසින් විවාහ මංගල්‍යයේ දී ජනප්‍රිය බොලිවුඩ් ගීතයක් වන “චෝලි කේ පීචේ ක්‍යා හේ” ගීතයට නර්තනයේ යෙදීමට මනාලයාව පොළඹවාගෙන ඇති අතර, එහිදී මනාලයා නර්තනයේ නියැලීම හේතුවෙන් මනාලියගේ පියා විසින් විවාහ මංගල්‍ය අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

මනාලයාගේ එම ක්‍රියාව කිසිසේත්ම නොගැලපෙන බව පවසා කෝපයට පත් මනාලියගේ පියා විසින් මෙලෙස විවාහ මංගල්‍ය නතර කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

මනාලයාගේ ක්‍රියාවන් තමාගේ පවුලේ වටිනාකම්වලට අපහාසයක් වූ බවයි මනාලියගේ පියා මෙහිදී පවසා ඇත්තේ.

නොමිලයේ බෙදාදීම සඳහා ලැබුණු ආහාර කිලෝ ලක්ෂ 15ක් ගබඩාවේම තියෙද්දිම කල්ඉකුත් වෙලා....

නොමිලයේ බෙදාදීම සඳහා ලැබුණු ආහාර කිලෝ ලක්ෂ 15ක් ගබඩාවේම තියෙද්දිම කල්ඉකුත් වෙලා....

මෙම තීරණයත් සමඟ තම දියණියට සහ මනාලයාගේ පවුලේ අය අතර තවදුරටත් සම්බන්ධ වීම තහනම් කිරීමට පවා මනාලියගේ පියා කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය දා දිල්ලියේ පැවති විවාහ මංගල උත්සවයක දී සිදුව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාවේ බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබෙනවා. 

You may like this video