කලා ක්ශේත්‍රයේ ගැහැණු ළමයෙකුට තනියම කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහට යන්න අමාරුයි -තරින්දි ප්‍රනාන්දු (PHOTOS)

By Sithumi Dec 27, 2021 04:25 PM GMT
Sithumi

Sithumi

Report

තරින්දි ප්‍රනාන්දු කියන චරිතය මේ දවස් වල බොහෝවිට අපිට ඇස ගැටෙන චරිතයක් බවට පත්වෙනවා. රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණ ඔස්සේත් ඇය මේ දවස්වල ප්‍රේක්ෂක ජනතාව හමුවනවා. ඒත් සමගම තරින්දි ව ගොඩක් දෙනෙක් පෙම්වතියක් ලෙසත් හඳුන්වනවා.

. ක්ෂේත්‍රයේ කොයි කවුරුත් හදුනන ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමග තමයි ඇය පෙම් සබඳතාව පවත්වාගෙන යන්නේ.ඔවුන් දෙදෙනා පිළිබඳවත් බොහෝ දෙනෙක් කථාකරන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා.ඉතින් තරින්දි පසුගිය දවසක පුවත්පතකට ඇගේ සාකච්ඡාවක් ඉදිරිපත් කරලා තිබුණා.

ඉතින් ඇගේ මේ ආපු ගමන් මග පිළිබඳවත් ඇගේ කැපකිරීම් කොහොමද, ජීවිතේට ලැබුණු පන්නරයන් වගේම කඩාවැටීම් පසුතැවීම් සමග හරියටම තරින්දි කියන්නේ කවුද කියන කාරණාව ඇය එහිදී සඳහන් කරල තිබුණා. තරින්දි ප්‍රනාන්දු කියන්නේ බොහොම හැලහැප්පීම් මැද මේ වන විට සාර්ථකත්වයට පත් වෙමින් සිටින තරුණියක්.

ඉතින් ඇය වසර කිහිපයක් බැංකු ක්ෂේත්රයේ රැකියාවක නියැළුණු කෙනෙක්. ඉතින් එම වෘත්තිය අතහැරලා තමයි ඇය කලා ක්ෂේත්‍රය තෝරා ගන්නේ. ඇය කියන විදිහට පාසල් කාලේදී ඇයව අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් මුල්තැන දීලා කටයුතු කරපු කෙනෙක්. නර්තන කණ්ඩායම නියෝජනය කලත් ක්‍රීඩා පුහුණුවීම් කටයුතු තිබුණු නිසාවෙන් බොහෝ විට රූපය ගැන හිතන්නට ඇය මූලික වෙලා නැහැ.

ඉතින් ක්‍රීඩාවන් වලදී සිදු වුණු තුවාල කැලැල් පවා බොහෝමයක් අද වෙනතුරුත් ඇගේ ශරීරයේ තිබෙන බවයි සඳහන් කරන්නේ. ඇය කියන විදිහට ඇයට තේරෙන වයස එනවත් සමඟ ඇගේ මව නැති වෙනවා. ඉතින් මවගේ නැති වීම බොහෝ දුරට ජීවිතේ අන්තයටම කඩා වැටුණු අවස්ථාවක් කියලා තමයි ඇය හඳුන්වලා තිබෙන්නේ. නමුත් ඇගේ මවගේ අභාවයත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් ඇයට ඉගෙන ගන්නට ලැබෙනවා.

පොඩි කාලේ හිතුවට වැඩිය අද වෙනකොට ජීවිතේ කියන්නේ ගොඩක් වෙනස් කියන දේ තමයි ඇය සඳහන් කරලා තිබෙන්නේ.ඇය කියන විදිහට ඇයගේ මව තමයි ඇය අද ඉන්න තැනට අත්තිවාරම දාන්නෙ. පාසල් කාලේදී ඕනෑම කෙනෙක් ඇයව දන්නේ අම්මා සමග පාසලට එන ගෑනු ළමයා විදිහටලු. ඉතින් ඒ තරමටම මව තරින්දි ගේ ජීවිතයට ගොඩක් සමීප කෙනෙක් කියලා තමයි කියන්නේ. ඉතින් ජීවිතයට හෙවනැල්ලක් වගේ වු අම්මා නැති වුණාට පස්සේ ජීවිතේම කඩා වැටුණා.

ඉතින් අඬන්න ගත්තොත් අඩල ඉවර කරන්න බැරි බව දැනගෙනම ඒ ගැන හිතලා කඩාවැටුණු හිත ශක්තිමත් කරගන්න උත්සාහ දරලා තිබෙනවා. නමුත් හැම විටම හැම මොහොතකම ඇයට මතක් වෙනවා කියලා තමයි තරින්දි සඳහන් කරන්නේ. තරින්දි කියන තවත් කාරණාවක් තමයි පසුතැවීම් කියන දේ ඇගේ ජීවිතයට සම්බන්ධයි කියන එක.

ඉතින් යම් අවස්ථාවක ඇය ඇගේ වෘත්තීය අත හැරීම පිළිබඳව යම් පසුතැවීමක් තිබෙන බව සඳහන් කරනවා. ඇය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවන් අතහැරලා තමයි කලාව තෝරාගන්නේ. ඉතින් ගැහැණු ළමයින්ට තනියම කොන්ද කෙලින් තියාගෙන ඉස්සරහට යන්න කලා ක්ශේත්‍රයේ ටිකක් අමාරුයි කියලා ඇය සඳහන් කරනව. ඉතින් විවිධ බලපෑම් එල්ල වෙන නිසාවෙන් සමහර අවස්ථාවන්වලදී තරින්දිටත් එවැනි කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ උනාලු

. ඉතින් ඒ වගේ අවස්ථාවන්වල බැංකු ක්ෂේත්රය අතෑරියෙ අපරාධ කියල හිතෙන බව ඇය සඳහන් කර තිබුණේ. නමුත් කටුක දේවල් ප්‍රතික්ෂේප කරලා අමාරුවෙන් මේ ගොඩනගාගෙන ඉන්න තැන පිළිබඳව ඇය ගොඩක් සතුටු වෙන කාරණාවක් මතක් කරනවා. ප්‍රේමය කියන කාරණාව පිළිබඳව ඇගේ අත්දැකීම් ගැන කතා කරන විට ඇගේ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්.නමුත් ඔහු බැංකු ක්ශේත්‍රයට අකැමැති වුණු කෙනෙක්. එනිසා පොඩි පොඩි මත ගැටුම් ඇති වුණා කියලා සඳහන් කරල තිබුණා.

මේ නිසාම ඔවුන් දෙන්නම කතාබහ කරල ඒ ආදරේට නැවතීමේ තිත තිබ්බා කියලත් ඉතින් ඇය සඳහන් කර තිබෙනවා. ඉතින් අද වන විට ප්‍රේමය ගැන වචනවලින් කියන්න බැරි තරම් ආදරයක් ඇයට ලැබෙනවා කියලත් කියනවා. ඉතින් ඉසුරු කියන්නේ ඇයට වඩා ටිකක් වයසින් වැඩි කෙනෙක් නිසා ඒ ආදරය හරිම සුරක්ෂිත බවක් දැනෙන බවත් ඇය වැඩිදුරටත් කියලා තිබෙනවා.

ඒත් සමගම ඇය කියන කාරණාවක් තමයි ජීවිතේ ජයග්‍රහණ කඩා වැටීම් සහ අභියෝග කියන දේ වලට කුඩා කාලයේදීම මුහුණ දෙන්නට සිද්ධ වුණා කියලා.අබියෝග කියන දේට අකමැති කෙනෙක් නෙවෙයි කියලත් ඇය සඳහන් කරනවා. එවැනි අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් නිසා පරාජය වූ අවස්ථා අඩුයි කියන ගමන්ම තරින්දි ප්‍රනාන්දු කියන චරිතය හදුන්වා දෙන්නේ මේ ආකාරයට. ”

මම හිතන විදිහට මම කරපු කිසිම චරිතයකට තරින්දි සමාන කරන්න බැහැ. තරින්දි ගොඩක් අහිංසක කෙනෙක්. ගොඩක් මිනිස්සු ගැන ඕනවටත් වඩා හිතන කෙනෙක්. ඒ නිසාම දුක් වුණු අවස්ථාත් තිබෙනවා.හැබැයි තරින්දි හරිම සරල මේ පොළොවේ පය ගහලා ජීවත් වන සාමාන්‍ය කෙනෙක්.”

කියලා තමයි ඇය සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ අපූරු නවක රංගන ශිල්පිනියට අපි බොහෝම ආදරයෙන් සුබපැතුම් එකතු කරනවා ඉදිරි අනාගත රංගන කටයුතු වෙනුවෙන් සහ ඇගේ ජීවිතයේ පෞද්ගලික කරන කාරණාත් සාර්ථක වෙන්න කියලා.

GalleryGalleryGallery
ReeCha