රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින් දසදහසක් සඳහා මේ රටේ විදේශ රැකියා අවස්ථා

Report

තායිලන්තයේ පවතින ශ්‍රම අවශ්‍යතාවන් සපුරාලීම අරමුණු කරගනිමින් ශ්‍රී ලාංකිකයින් දසදහසක් (10,000) සඳහා රැකියා අවස්ථා ලබාදීමට තායිලන්ත රජය තීරණය කර තිබේ.

විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ  සහ සංචාරක ක්ෂේත්‍රයන් හි පවතින පුරප්පාඩු සඳහා මෙම රැකියා අවස්ථා හිමිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ රාජ්‍ය අංශයට iii ශ්‍රේණියේ නිලධාරීන් 100 බඳවා ගැනීම් - පුරප්පාඩු තරග විභාග මත බඳවාගැනීම්

මේ රාජ්‍ය අංශයට iii ශ්‍රේණියේ නිලධාරීන් 100 බඳවා ගැනීම් - පුරප්පාඩු තරග විභාග මත බඳවාගැනීම්

එම රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් විධිමත්ව යොමුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට ඊයේ (14) අත්සන් තබන ලදී.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ තායිලන්ත නිල සංචාරය අතරතුරදී මෙම ගිවිසුම් අත්සන් තබා ඇත.

ඔබේ ජීවිතය සහ මුලින්ම වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

ඔබේ ජීවිතය සහ මුලින්ම වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

දෙරට අතර කම්කරු ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව සහ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අදාළ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීමට නියමිතයි.