තෙල් තියෙන රටටම බැස්වූ ටෙස්ලා
By R.rishma
එලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම සෞදි අරාබියේ නිල කාර්යාලයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් මැදපෙරදිගේ උෂ්ණත්වය විදුලි වාහනවල බැටරි කාර්යක්ෂමතාවට අභියෝගයක් විය හැකි බව බොහෝ දෙනා පවසති.
රියාද්හි ටෙස්ලාගේ පළමු ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය ආරම්භ වී ඇත.
ටෙස්ලා සෞදි වෙළඳපොළට දිගුකාලීන බලාපොරොත්තු සහිතව පිවිස ඇති බව කියැවේ.
මෙය ටෙස්ලාගේ ගෝලීය ව්‍යාප්තියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.