ප්‍රමුඛතම සමාගමක වාහන 24,000ක් නැවත කැඳවයි - හේතුව මෙන්න..
By Sithumi
ඇමරිකාවේ ප්‍රමුඛතම විද්‍යුත් මෝටර් රථය නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම විසින් වසර 2017 සහ 2020 අතර කාලය තුළ දී නිෂ්පාදනය කළ model 3 වර්ගයේ කාර් රථ 24000 ක් නැවත කැදවීමට තීරණය කර තිබෙනවා.
මීට හේතු වී ඇත්තේ එම මෝටර් රථවල දෙවැනි ආසනයේ වම්පස ආසන පටි තද කරන බකලය සහ එම ආසනයේම මැද ආසන පටි තද කරන බකලය නිවැරදිව සවි කර නොතිබීමයි.
අදාල මෝටර් රථවල මෙම බකල සවිකිරීමේ දී වම දකුණ මාරු කර සවි කර ඇති බවටයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
මෙලෙස ටෙස්ලා සමාගම විසින් අලෙවි කරන ලද මෝටර් රථ 105ක් අදාල වරද සම්බන්ධයෙන් අලුත්වැඩියා කටයුතු සිදු කර වගකීම් හිමිකම් ඇතුළුව සේවා අලුත්වැඩියා කිරීම් ඉල්ලා තිබෙනවා.
ඇමරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂක පරිපාලනය පැවසුවේ මෙම ආපසු කැඳවීමේ තීරණයට හේතුවී ඇත්තේ ද අදාළ අත්වැරදීම බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |