AI දැන් තනියෙන් කාර් පදිනවා ඇමරිකාවේ ටෙස්ලා ස්වයංක්‍රීය රෝබෝ ටැක්සි ආරම්භ වේ
ටෙස්ලා සමාගම ඔස්ටින්, ටෙක්සාස් හි තම රොබෝ ටැක්සි සේවාව සීමිත පරීක්ෂණයක් ලෙස ඉරිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ආරාධිත පිරිසකට මෙම අත්හදා බැලීමේදී, රියදුරු රහිතව, යෙදුමක් හරහා ටැක්සියක් ගෙන්වා ගමන්කිරීමේ හැකියාව ලබාදෙනු ඇත.
මෙම තාක්ෂණය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධිය හා සංවේදක පද්ධති මත පදනම් වන අතර, ආරක්ෂාව පිළිබඳ නියාමකයින් සැලකිල්ලෙන් සිටිති.
තවදුරටත් සාර්ථකත්වය අනුව මෙය අනිත් ප්‍රාන්තවලටද පුළුල් කිරීමට නියමිතය.