මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

Harini Amarasuriya Education Teachers Sinhala news Breaking News
By Kaushi Jul 12, 2025 05:24 PM GMT
Kaushi

Kaushi

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ පිළිබඳව පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බව අග්‍රාමාත්‍යවරිය පවසයි.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීමට ඇරඹි දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන අමතමින් අද (12) දින උතුරුමැද පළාත් සභාවේ දී ඇය මේ බව කියා ඇත.

ඒ අනුව ඇය වැඩිදුරටත් සඳහන් කළේ,

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

"පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනාම පිළිගන්නවා, ඒ වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණය සිදුකළ යුතුයි. විශේෂයෙන් දැනට ඉන්න ගුරුවරුන් පුහුණු කරන්න අවශ්‍යයි, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍යයි, පරිපාලන ව්‍යුහය ශක්තිමත් කරන්න අවශ්‍යයි, ඩිජිටල්කරණය සිදු කිරීමත් අවශ්‍ය වෙනවා.ප්‍රධානම කාරණය මේ ප්‍රතිසංස්කරණය දිහා තනි තනිව බලන්න එපා, සමස්ථ ක්‍රියාවලියේ ම, පද්ධතියේම ප්‍රතිසංස්කරණයක් මේ සිදු කරන්නේ. මේ රට හැමදාම දියුණු වෙමින් තියන රටක් කියලා විතරක් මදි, ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒක කරන්න වෙන්නේ අපිටම තමයි. මොකක් හෝ හේතුවකට මේ තත්වය වෙනස් කරන්න අපිට සිද්ධවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් ගුරුවරුන් විතරක් නෙමෙයි පරිපාලන ⁣ක්ෂේත්‍රය, දෙමාපියන් ඇතුළු සියලු දෙනා මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ප්‍රතිසංස්කරණය ගැන නිවැරදිව දැනුවත් වෙන්න අවශ්‍යයි.

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි

දරුවන් පාසලෙන් එළියට එනවිට විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන හෝ වෘත්තීය අධ්‍යාපනය තුළින් ඉදිරියට යන්න මාර්ගයක් නිර්මාණය කිරීමයි මේ සිදු කරන්නේ. රට ඉදිරියට ගන්න නම් අධ්‍යාපන පරිවර්තනය අනිවාර්යයෙන් සිදු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ ක්‍රියාවලියේදී රාජ්‍ය සේවයට අඳාළ ස්ථාන මාරු නිසි පරිදි සිදු කරන්න වෙනවා. ගුරු විදුහල්පතිවරුන් ස්ථාන මරු කිරීම් නිසි පරිදි තුලනය කරන්න වෙනවා. පළාත් වශයෙන් ගුරු විදුහල්පති ගැටලු විසදන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග පළාත් සභාව හරහා සිදු කරන්න. ඒ වෙනුවෙන් අමාත්‍යංශය හරහා සිදුවිය යුතු චක්‍රලේඛ හා නීතිමය සංශෝධන සිදු කරන්න අපි සූදානම්. ජාතික පාසල්, පළාත් පාසල් කියලා බෙදන්න යන්න එපා. සියලු පාසල් අපේ, අපේ දරුවන් ඉන්නේ. දැනට පාසල් තුළ සිටින දරුවන්ට අපි වග කියන්න ඕනේ, ඒ වෙනුවෙන් පාසල් වල තත්වය නිවැරදි කරගන්නයි අපිට අවශ්‍යය.

හැමෝම ගෝටා ගෝ හෝම් කියද්දි පෙරට ආපු ඉරාජ් ඔන්න බයි තක්සලාව සමරන්න ගෝඨාගේ ගෙදරට කේකුත් උස්සන් ගිහින්

හැමෝම ගෝටා ගෝ හෝම් කියද්දි පෙරට ආපු ඉරාජ් ඔන්න බයි තක්සලාව සමරන්න ගෝඨාගේ ගෙදරට කේකුත් උස්සන් ගිහින්

ගැටලු විසඳන්න අපි එකඟතාවකට ඇවිල්ලා වැඩ කරමු. ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළා අධ්‍යාපනය වෙනුවෙන් මානව සම්පත දියුණු කරන්න, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්නම් කියලා. අපිට තියෙන්නේ මේ ගැටලු ටික විසඳගෙන නව අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීමයි. පළමු වසර අපිට දුෂ්කර වෙයි නමුත් වසර තුන හතරක් යන විට පහසුවෙන් සිදු කරන්න පුලුවන් වෙයි. අපිට මේ සාකච්ඡා වැදගත් වෙන්නේ පළාත් මට්ටමෙන් මේ ක්‍රියාවලිය සිදු කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කරගන්නයි. අපේ දරුවන් වෙනුවෙන් මේ පරිවර්තනයට ඔබේ සහය ලබා දෙන්න" යනුවෙන්.

මෙහිදී විශේෂයෙන් උතුරු මැද පළාතේ ඇති ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස තුන තුළ විසඳන්න කටයුතු කරන වශයෙන්ද අග්‍රාමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.  

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

ReeCha