ඉඩම් අයිතිය ඉල්ලා වතුකර ජනතාව උද්ඝෝෂණයක
වතුකරයේ ජනතාවට වතු ඉඩම්වල අයිතිය ලබා දෙන ලෙස බල කරමින් වතුකරයේ සිවිල් ක්‍රියාකාරි සංවිධාන කිහිපයක් එක්ව සහ කදුකර ජනතා ඉඩම් අයිතිය සදහා වූ ව්‍යාපාරය හැටන් උද්ගෝෂණයක නිරත විය.
එම උද්ගෝෂණය සංවිධානය කල කදුකර ඉඩම් අයිතිය සදහා වූ ව්‍යාපාරයේ ප්‍රධාන කැදවුම්කරු තංගවේල් ගනේෂලිංගම් මහතා කියා සිටියේ මෙරට තේ ආර්ථිකයට වසර 200ක කාලයක් විශාල දායකත්වයක් සපයන වතුකම්කරුවන්ට මෙතෙක් පැවති කිසිදු රජයක් සින්නක්කර අයිතියට ඉඩම් කැබැල්ලක් ලබා දීමට අපොහොසත් වී ඇති බවය.
වතුකරයේ ජනතාවට නිවාස අවශ්‍ය නොවන බවත්, දැනට තිබෙන මුඩු ඉඩම් වතු කම්කරුවන්ගේ අයිතියට ලබා දෙන්නේ නම් එම ඉඩම්වල නිවාස ඉදි කර ගැනිමට වතුකම්කරුවන්ට හැකිව ඇති බවද තංගවේල් ගනේෂලිංගම් මහතා කියා සිටියි.