රා වලටත් බද්දක්.
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Sri Lanka
Income Tax Department
By krishani
රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සදහා උපායමාර්ග සෙවීමට පත්කළ කමිටු වාර්තාව පෙරේදා (12) දින මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබීය.
අමාත්‍යවරයා සඳහන් කළේ නීත්‍යානූකූල බදු ගෙවන්නන් මත නව බදු පැණවීමට අපේක්ෂා නොකරන බවයි.
ඊයේ(13) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී එම වාර්තාවේ දැක්වෙන කරුණු පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රා තොග සැපයීමේ දී ලීටරයකට රුපියල් 10ක නව සුරා බද්දක් ද පැනවීමට නියමිත බවයි.
එමෙන්ම, බදු පදනම තවදුරටත් පුළුල් කිරීමට එමගින් යෝජනා කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.