මේ අයට සුබ ආරංචියක් - රටඉඳිවලට නොමිලේ බදු සහන
රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීමට ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව මෙරව රාමසාන් උපවාස සමය 2026-01-19 දිනෙන් ආරම්භ වී ලබන වසරේ මාර්තු 31න් අවසන් වීමට නියමිතව තිබෙනවා.
රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් මැතිමතුන් විශේෂයෙන් ආහාරයට ගනු ලබන රටඉඳි ඔවුන්හට නොමිලයේ බෙදා හැරීම වෙනුවෙන් වාර්ෂිකතව රාජ්‍ය තාන්ත්‍රිකව, සංවිධාන මට්ටමෙන් සහ පුද්ගල මට්ටමින් පරිත්‍යාග හෝ ත්‍යාග ලෙස රටඉඳි ලබා දෙනු ලැබේ.
එසේම ඒවා විදේශ විනිමය වැය නොවන පදනමින් මෙරටට ආනයනය කළ යුතුව ඇති බව සඳහන්.
එබැවින් රාමසාන් උත්ුසව සමය තුළ පරිත්‍යාග සහ ත්‍යාග ලෙස මෙරටට ආනයනය කරනු ලබන රටඉඳි සඳහා බදු සහනයක් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.