රෝහල් බෙහෙත්වල ගුණාත්මකභාවය ගැන සැකද? ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් සහ ඔසුසැල්වලට නිකුත් කිරීමෙන් පසු ඖෂධවල ගුණාත්මකභාවය (ප්‍රමිතිය) පරීක්ෂා කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම වැඩපිළිවෙළ තුළ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අයත් පරීක්ෂණාගාර යොදා ගනිමින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ක්‍රමවත්ව සහ විධිමත් ලෙස සිදු කිරීමට සැලසුම් කර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරයේ සීමාවන් නිසා මෙම ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙයින් ඉඩ සැලසෙනු ඇත.

ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ වන අතර, මෑතකදී පැවති සාකච්ඡාවලදී මෙම යෝජනා සාර්ථකව සාකච්ඡා කර තිබේ.