ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 1ක සහනාධාරයක්
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 1ක සහනාධාරයක් ලබා දී ඇති බවට වාර්තා වේ.
ඒ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇති බව සඳහන්.
ඉකුත් දිනවල මෙරට මුහුණ දුන් ආපදා තත්ත්වය හමුවේ රටවල් ගණනාවකින් මෙරටට සහන සැපයීම් සිදු විය.
කෙසේ වෙතත් මෙම සහනාධාරය ලබා දීම තුළින් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිතුරු සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවත් පියවරක් ඉදිරියට ගෙන යන බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි.