බද්ධ දෙගුණයකින් වැඩි කරන්න යයි..රජයේ අලුත් වැඩ පිළිවෙළ මෙන්න.

Sri Lanka Economy of Sri Lanka
By Aruna Dec 25, 2022 02:03 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි වර්ෂ පහේදී රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින සියයට 8.8 සිට සියයට 15.2 දක්වා වැඩිකර ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

මේ අනුව 2022 වසර සඳහා අපේක්‍ෂිත රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.3ක් වන අතර එම ප්‍රතිශතය ලබන වසරේ (2023) දී සියයට 11.3 දක්වා ද, වර්ෂ 2024 දී සියයට 13.5 දක්වා ද, වර්ෂ 2025 දී සියයට 15 දක්වා ද වර්ෂ 2026 දී සියයට 15.1 දක්වා ද වර්ෂ 2027 දී සියයට 15.2 දක්වා ද වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

මෙම මුළු රාජ්‍ය ආදායම නියෝජනය කරන රජයේ බදු ආදායම ද මේ වර්ෂය (2022) සඳහා ඇස්තමේන්තු කර ඇති දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.8 සිට වර්ෂ 2027 දී සියයට 15.1 දක්වා වර්ධනය කර ගැනීමට මුදල් අමාත්‍යාංශය ඉලක්ක කර ඇත.

මේ අතර රාජ්‍ය ආදායම් මෙසේ වැඩි කර ගන්නා අතරම රජයේ මුළු වියදම ඉදිරි වර්ෂවලදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක මට්ටමේ පවත්වාගෙන යෑමට ද එම අමාත්‍යාංශය ඉලක්ක කර ඇත.

මේ නව බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදිලි කිරීමේ සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (23දා) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ගැන ඉදිරිපත් කිරීමක් ද සිදු කළේය.

මේ බදු සම්මන්ත්‍රණයට මුදල් අමාත්‍යාංශය ආවරණය කරන මාධ්‍යවේදීන්ට ද ආරාධනා කර තිබුණත් අදාළ ඉදිරිපත් කිරීමේ පිටපතක් මාධ්‍යවේදීන්ට ලබාදීමට අදාළ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මුලින් කටයුතු නොකළ අතර පසුව ඒ ගැන පැමිණිලි කර විශාල පරිශ්‍රමයක් දරා එම ඉදිරිපත් කිරීමේ පිටපතක් ලබාගැනීමට ද මාධ්‍යවේදීන්ට සිදු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now