ටැන්සානියාවේ මැතිවරණයට විපක්ෂයට තරඟ කිරීම තහනම් වේ

By Shehan Apr 15, 2025 04:53 AM GMT
Report

නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාව ජනාධිපති සමියා සුලුහු හසන්ගේ (Samia Suluhu Hassan) පාලනය යටතේ පවතී.

ඇගේ ධුර කාලය ආසන්නයේ අවසන් වීමත් සමඟ, ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

ඇතුලේ ඉන්න පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදූ රනිල්ට වෙච්චදේ

මේ හේතුවෙන්, රටේ මැතිවරණ කොමිසම මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියේය. නව නීති පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ඕනෑම පක්ෂයකට ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම තහනම් වන බවද කොමිසම පැවසීය.

කෙසේ නමුත්, ප්‍රධාන විපක්ෂයේ නායක ඩුන්ඩු ලිසුගේ (Tundu Lissu ) සැටෙමා පක්ෂය (Chadema Party) එම නීතිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර, පසුව ඔහු රාජද්‍රෝහී චෝදනා මත අත්අඩංගුවට පත්විය.

ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය

ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය

මේ සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ, ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට සැටෙමා පක්ෂයට (Chadema Party) සහභාගිවීම තහනම් බවයි.

එසේම, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ රාමදානි කයිලිමා නිවේදනය කළේ, 2030 වන තුරු සැටෙමා පක්ෂයට කිසිදු අතුරු මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වන බවයි.

ලංකාවේ Tiktok ෆෑන්ස්ලා පොරකන කිලී පෝල් කියන්නේ කව්ද? (VIDEO)

ලංකාවේ Tiktok ෆෑන්ස්ලා පොරකන කිලී පෝල් කියන්නේ කව්ද? (VIDEO)