Apple සමාගමට දැවැන්ත පහරක් - පේටන්ට් උල්ලංඝනයට ඩොලර් බිලියන 5.7ක දැවැන්ත වන්දියක් ගෙවන්න නියෝග
වෙනත් සමාගමකට අයත් තාක්ෂණයක් අවසරයකින් තොරව භාවිත කළ බවට ඇමරිකානු ජූරි සභාවක් තීන්දු කිරීමෙන් පසු, Apple සමාගමට ඩොලර් බිලියන 5.7ක (පවුම් බිලියන 4.3ක) වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ශ්‍රව්‍ය තාක්ෂණ සමාගමක් වන ‘Taction Technology’ විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ, පරිශීලකයන් උපාංග සමඟ අන්තර්ක්‍රියා කරන අවස්ථාවලදී කම්පන සහ ස්පර්ශය වැනි ප්‍රතිචාර ලබාදෙන ‘haptic systems’ සම්බන්ධයෙන් තමන් සතු පේටන්ට් බලපත්‍ර දෙකක් Apple සමාගම විසින් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමිනි.
iPhone සහ Apple Watch ඇතුළු Apple උපාංග රැසක මෙම haptic තාක්ෂණය භාවිත වේ.
2020 වසරේදී Taction සමාගමට හිමි වූ පේටන්ට් බලපත්‍ර දෙක Apple සමාගම විසින් සිය haptic තාක්ෂණයට සිදු කළ වැඩිදියුණු කිරීම් හරහා උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්, Taction සමාගම 2021 වසරේදී මෙම නඩුව ගොනු කර තිබේ.
කෙසේ වෙතත්, Apple සමාගම ජූරි සභාවේ තීන්දුව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව පවසා ඇත. සමාගම පෙන්වා දෙන්නේ තම ‘Taptic Engine’ තාක්ෂණය Taction සමාගමේ තාක්ෂණයට මූලික වශයෙන් වෙනස් බවත්, නියම කර ඇති වන්දි මුදලට ප්‍රමාණවත් කරුණුමය පදනමක් නොමැති බවත්ය.
Apple සමාගම සිය ‘Taptic Engine’ තාක්ෂණය ප්‍රථම වරට 2014 වසරේදී Apple Watch සමඟ හඳුන්වා දුන් අතර, පසුව එය සිය විවිධ උපාංගවලට ව්‍යාප්ත කරමින් haptic ප්‍රතිචාර තාක්ෂණය පුළුල් ලෙස භාවිත කර තිබේ. හෙඩ්ෆෝන් සහ gaming headsets නිෂ්පාදනය කරන Taction සමාගම චෝදනා කර ඇත්තේ, බලපත්‍රයක් හෝ අවසරයක් ලබා නොගෙන Apple සමාගම තම නව නිපැයුම් භාවිත කර ඇති බවයි. එම තාක්ෂණය Apple උපාංගවල පරිශීලක අත්දැකීම වැඩිදියුණු කිරීමට දායක වූ බවද එම සමාගම තර්ක කර තිබේ
2023 වසරේදී සැන් ඩියාගෝ හි විනිසුරුවරයෙකු Apple සමාගමට පක්ෂව තීන්දුවක් ලබා දෙමින්, එම සමාගම Taction සමාගමේ පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර නොමැති බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, පසුව නඩුව ෆෙඩරල් අභියාචනා අධිකරණය වෙත යොමු වූ අතර, අවසානයේ කැලිෆෝනියාවේ දකුණු දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේදී සැප්තැම්බර් මාසයේදී ජූරි නඩු විභාගයක් පැවැත්විණි.
Apple සමාගම හිතාමතාම පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කළ බවට ජූරි සභාව තීරණය කර නොතිබුණද, නඩුවේදී Taction සමාගමට පක්ෂව තීන්දුව ලබාදී ඇති අතර, ඒ අනුව Apple සමාගමට වන්දි ගෙවීමට නියම කර තිබේ. මෑත වසරවලදී Apple සමාගම පේටන්ට් බලපත්‍ර සම්බන්ධ ආරවුල් කිහිපයකට මුහුණ දී තිබේ.
ඒ අතර, Apple Watch හි රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීමේ තාක්ෂණයට අදාළ පේටන්ට් බලපත්‍ර සම්බන්ධයෙන් වෛද්‍ය තාක්ෂණ සමාගමක් වන Masimo සමඟ පැවති නීතිමය ආරවුලක්ද ඇතුළත් වේ.
“වෙළෙඳුන් ජලය මත පාවෙන ප්ලාස්ටික් පෙට්ටි සහ බැරල් මත වෙළෙඳාම් කරයි” - ජලයෙන් යට වූ බැංකොක් නගරයට අකරතැබ්බයක්