ශ්රී ලංකා මහ බැංකුවෙන් නිල නිවේදනයක් - මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් දැන්
ශ්රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්රකාශනයක් වන “ශ්රී ලංකා සමාජ-ආර්ථික දත්ත – 2026” (Sri Lanka Socio-Economic Data – 2026) වාර්තාවේ 49 වන වෙළුම නිල වශයෙන් නිකුත් කර තිබේ.
මෙම නවතම ප්රකාශනය මගින් ශ්රී ලංකාවේ සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳ පුළුල් දත්ත සමුදායක් ප්රධාන මාතෘකා 14ක් යටතේ සම්පිණ්ඩනය කර ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්ය.
ශ්රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
ඒ අනුව ප්රධාන ආර්ථික දර්ශක, ජාතික ගිණුම්, කෘෂිකර්මාන්තය, කර්මාන්ත ක්ෂේත්රය, මිල ගණන් සහ වැටුප් මෙන්ම විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය ඇතුළු අංශ රැසක දත්ත මීට ඇතුළත් කර තිබේ.
ශ්රී ලංකාවේ වත්මන් සමාජ-ආර්ථික පසුබිම පිළිබඳ සංක්ෂිප්ත සහ නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම දත්ත වාර්තාව ඉතා වැදගත් වන අතර, අදාළ සම්පූර්ණ වාර්තාව ශ්රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් දැන් පරිශීලනය කළ හැකියි.