බොරතෙල් මිල යළි ඉහළට - අහසටම යන බොරතෙල් මිල මෙන්න
ගැටුම විසඳා හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.
විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.50ක් දක්වා ආසන්න වශයෙන් 4%කින් ඉහළ ගොස් ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ ප්‍රධාන තෙල් සැපයුම් ප්‍රවාහයක් සිදුවන බැවින්, එය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව බොරතෙල් මිල කෙරෙහි බලපා ඇති බවයි.