''හැලහැප්පීම් මැද්දෙන් ආපු ලොකු ගමනක් කතාව තාම ඉවර නෑ" - ශලිනි තාරකාගේ 6 වැනි විවාහ සංවත්සරයේ සංවේදී සටහන
ශලිනි තාරකා කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම්නේ. ලංකාවේ කලාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් .
රසික සිත් තම අපූරු රංගන හැකියාවෙන් පිනවපු ඇය මේ වෙද්දී බොහෝ නිෂ්පාදානයට පවා යොමුවෙලා . අසීරු චරිත පවා ප්‍රේක්ෂක හදවතට දැනෙන අයුරින් ඇය ඉදිරිපත් කරා.
දක්ෂතම නිළිය සම්මානයෙන් පවා ඇය පිදුම් ලැබුවේ එ නිසාමයි . ඇයගේ විවාහයත් රටම කතාකළ විවාහ උත්සවයත් වුණා .
ඉතිං ශලිනි නිහත මේ දෙන්නගේ විවාහ සංවත්සරයත් ඇවිල්ලා 6 වන විවාහ සංවත්සරය සමරන ඇය මුහුණුපතට අපූරු සටහනක් එක්කරලා තිබුණා
අවුරුදු 6ක් කියන්නේ…
මනුස්සයෙක්ගේ ජීවිතේ පොඩි කාලයක් නෙමෙයි.
හරියටම අදට අවුරුදු 6කට කලින්, එක ආදර කතාවක් පටන් ගත්තා… ♥️
ඒත් ඒක සාමාන්‍ය ආදර කතාවක් නම් නෙමෙයි. හමුවීම්, වෙන්වීම්, නිහඬවීම්…
අතරමඟ නවතින්න හිතුණු තැන්, ආයෙමත් පටන් ගත්ත තැන් එක්ක හැලහැප්පීම් මැද්දෙන් ආපු ලොකු ගමනක්. කොහොම වුණත්…
කතාව තාම ඉවර නෑ..,
✨ Happy 6th anniversary Husband