උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන-ගම්පොල කොටස නැවත විවෘත වෙයි

By Mithu Sep 28, 2026 02:39 PM GMT
Report

ඔක්තෝබර් 02 සිට දුම්රිය ධාවනය ඇරඹේ 'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අදාළ සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සහ ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට දැඩි හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36ක් මෙන්ම පස්කඳු කඩාවැටීම් සහ මාර්ග සේදීයාම් 67ක් ඇතුළත් විය.

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශ විසින් සිදුකළ කඩිනම් පිළිසකර කිරීම්වලින් අනතුරුව මාර්ගය නැවත භාවිතයට සුදුසු මට්ටමට පත්කර ඇත.

ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය එළඹෙන 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

දයාසිරිට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් - ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙස පිළිගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි''

දයාසිරිට අභියාචනාධිකරණයෙන් තීන්දුවක් - ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙස පිළිගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි''