උසස් පෙළ සිසුවියකට අසභ්‍ය දර්ශන පෙන්නලා - විද්‍යා ගුරුවරයා පොලිස් දැලේ
තලවකැලේ නගරයේ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා එම පාසල් සිසුවියට අතවර කිරිමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම පාසලේ විද්‍යා ගුරුවරයා (28) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු ලබන මස (06) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
සිකුරාදගෙන් පස්සේ ඉන්ධන නැද්ද? ඉන්ධන සැපයුමෙන් වහාම ඉවත් වෙනවා - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් දැඬි තීන්දුවක්
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි යසස් කුලසිංහ නැමති 50 හැවිරිදි එම විදුහලේම විද්‍යා ගුරුවරයෙකු වශයෙන් සේවය කල අයෙකි.
සැකකරු විසින් පාසල් සිසුවියට විද්‍යාගාරයට පැමිනෙන ලෙස දැනුම් දි සිසුවිය විද්‍යාගාරයට පැමිණීමෙන් අනතුරුව ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන සිසුවියට පෙන්වීමෙන් පසු සිසුවිය විද්‍යාගාරයෙන් පැන යාමට උත්සහ කිරිමේදි සැකකරු විසින් එම සිසුවියව අතෙන් අල්ලාගෙන අතවර කිරිමට තැත්කල බවත්, පසුව එම ගුරුවරයාගෙන් මිදි පලා ආ සිසුවිය ඒ පිලිබදව සිසුවිය සිය දෙමව්පියන් දැනුවත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවිය දෙමව්පියන් සමග පැමිණ තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි කිරිමෙන් පසු තලවකැලේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විවාහක පුද්ගලයෙකු බවත්, දැනට බිරිදගෙන් නිත්‍යානුකූලව වෙන්වී සිටින අයෙකු බවයි තලවකැලේ පොලිසිය පවසා ඇත.