තංගල්ල බීච්සයිඩ් රෙස්ටුරන්ට් එකේ ලංකාවේ අය ගියාම එලවෙලා.. සුදු අයට විතරලු සේර්විස්..
තංගල්ල වෙරළ අසල පිහිටි ආපන ශාලාවක් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට සේවය ලබා නොදී විදේශිකයන්ට පමණක් සේවය කළ බවට චෝදනා එල්ල වීමෙන් දැඩි විවේචන මතු වී තිබේ.
මෙම සිද්ධිය හෙළිවූයේ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු විසින් X සමාජ මාධ්‍යට පළ කළ වීඩියෝවක් හරහාය. එහිදී එක් අයෙකු කියා සිටින්නේ,
“අපි දුඹුරු පාට නිසා මේ මිනිහා අපිට සේවය කරන්න කැමති නෑ. අපි දේශීය මිනිස්සු, එයා කියනවා අපි දේශීය අයට සේවය කරන්නේ නැහැ කියලා. මේ අවන්හලේ වෙන කවුරුත් නැහැ"
මෙම වීඩියෝව සමාජයේ දැඩි කතාබහකට ලක් වී ඇති අතර, සංචාරක ප්‍රදේශ කිහිපයක ඇතිවිය හැකි වෙනස්කම් සහ විෂමතා පිළිබඳ ජනතාවගේ අවධානය යොමු වී තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙවැනි සිද්ධීන් කර්මාන්තයේ කීර්තිනාමයට හානි සිදු කරමින් දේශීය සංචාරකයන් වෙන් කර තැබීමටද හේතු විය හැකි බවයි.