ලංකාවේ තරුණයින්ගේ සිහින කුමරිය වූ ජනප්‍රිය සුරූපී නිලි ටනාෂා සතරසිංහ ලංකාව හැරයයි (PHOTOS)

By Sithumi Dec 30, 2021 12:13 PM GMT
Sithumi

Sithumi

Report
184 Shares

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ. 

ඉතින් ඒ වගේම වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් සිරස නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලිනාට්‍ය නිසා ඇය අපේ රටේ ඉතාම ජනප්‍රියතාවයට පත්වුණා. ඉතින් ඒ කතාවේ කුරුළු ගැන තමයි අද අපි කියන්න යන්නේ. 

 ඉතින් මේ හින්දි නිළියකට සමාන රුවකට හිමිකම් කියන සොඳුරු රුවැත්තිය පසුගිය දවසක විදෙස්ගත වුණා. ඒ එක්සත් අරාබී එමීර් රාජ්‍ය වෙත. කොහොම වුනත් මේ ගමන ඇය සඳහටම ගිය ගමනක් නෙවෙයි කියලයි අපිට දැනගන්න ලැබුණේ

. ඉතින් මේ අපූරු සංචාරයේදී ඇය ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. 02 කොහොම නමුත් මියුසික් වීඩියෝ කලාවෙන් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ආපු ගමන් මඟ ගැන කතා කරනවානම් ඒ ගමන් මඟ එතරම් සුන්දර නම් නැහැ.

මුලින්ම තමන්ගේ අම්මාගේ යාලුවෙක්ගේ සැලුන් එකක බ්‍රයිඩල් ෆොටෝශූට් එකකට සම්බන්ධ වෙලා පසුව එතනින් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණිලා එතනින් පස්සේ වෙළඳ දැන්වීම් වලට සහ මියුසික් වීඩියෝ වලටත් ඊටත් පස්සේ මිස් ශ්‍රී ලංකා තරඟයටද සහභාගි වෙලා තමයිලු අවසානයේ ඇයට රංඟන ශිල්පිනියක්වීමට අවස්ථාව වගේම වාසනාව උදා වෙලා තියෙන්නේ.

 ඉතින් ඒ වගේ හෙමින් හෙමින් කලා ගමන ආරම්භ කරන ඇය අද වන විටනම් අපේ රටේ ඉන්න අංක එකේ රංගන බවට පත්වෙලා හමාරයි. ඉතින් සුන්දර සිනහවක් තියන මේ ටනාෂා කියන්නේ ඇය තවමත් මේ කලා ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් කියලයි. 

ඉතින් ටනාෂා වගේම ඇයට තවත් ලස්සන නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. ඇය කියන විදිහටනම් මේ කලා ක්ෂේත්‍රය කියන්නේ ඉතාමත් හොඳ තැනක්. ඉතින් මේ කලා ලොවේ තමන්ගේ ලිමිට් එක දැනගෙන ඉන්නවානම් ගොඩක් දුර යන්න පුළුවන් කියලයි මේ සුරූපී නිළිය කියන්නේ. 

ඉතින් ඒ වගේම තමයි ඉතාමත් හොඳ හදවතක් ඇති ඇය ගොඩක් අයට උදව් උපකාර කරන කෙනෙක්. ඉතින් මේ නිහතමානී රංගන ශිල්පිනිය පවසන විදිහට මේ වසරේනම් තමන් විවාහ නොවුනත් ඇය දැන්නම් ආදරය විදින පෙම්වතියක්ලු. ඉතින් මේ රටක් ආදරය කරන මේ ටනාෂාට ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා සුබ පතන අතර කලා ලොව තව තවත් හැඩ කරමින් දීර්ඝ ගමනක් යන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු. 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha