තාඹුගලගේ නඩුව කල්යයි...
By Parami Dissanayake
රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කර තිබෙන ඉල්ලීම ලබන 18 වනදා සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
ඒ අනුව, මෙම පැමිණිල්ල අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ නොසිටියේ ය.
එබැවින්, තමන්ට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බවට සැකකරු විසින් සිදුකර තිබෙන ඉල්ලීම මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය නියම කර සිටියා ය.