නවක වාදය තවත් බිල්ලක් ගනී ද? ජපුරත් සිද්ධියක්

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදයට විරුද්ද වූ එම විශ්ව විද්‍යාලය තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී ඇත.

එහිදී පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

හදිසි ධන ලාභ...අද ලග්න කිහිපයකට සුපිරි ග්‍රහයෝගයක්...

හදිසි ධන ලාභ...අද ලග්න කිහිපයකට සුපිරි ග්‍රහයෝගයක්...

පහරදී ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ සිසුවෙකි.

ඔහු පවසන්නේ සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බවයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ මැයි 8 සහ 9 මොනවද වෙන්නේ?

පාර්ලිමේන්තුවේ මැයි 8 සහ 9 මොනවද වෙන්නේ?

ඔහු සඳහන් කළේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි. අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවය. මහාචාර්ය කපිල රත්නායක සහ නීතීඥ වයි.එස් චන්ද්‍රසේකර මහත්මිය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කඩිනමින් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම්දුන් බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.