මන්ත්‍රීවරු,ඇමතිවරු, ජනාධිපතිලාට දෙන විශ්‍රාම වැටපු මුළුමුනින්ම අහෝසියි.

Anura Kumara Dissanayaka Janatha Vimukthi Peramuna
By Wayomi Sep 02, 2024 01:50 PM GMT
Wayomi

Wayomi

Report

මාලිමාවේ ආණ්ඩුවක් ආවම කළබල ඇති වෙයි කියන කට්ටිය දැන්ම කළබල කරන්න උත්සහ කරමින් සිටින බවත්,.කාර්යාල ගිණි තියන්න පටන් අරන් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

නමුත් අපි කවුරුත් කළබල වෙන්න ඕන නෑ, ප්‍රකෝප වෙන්න ඕනත් නෑ, භය වෙන්න ඕනත් නෑ,අපි මහජන බලයක් හදලා ඡන්දෙන් උත්තරයක් දෙන්න ඕන, ඔය ගොල්ලන්ගේ හොරකම්, මැරකම්, ජඩකම්, ප්‍රජාත්‍රන්ත විරෝධීකම් සියල්ලම අපි පරාජයට පත් කරනවා කියලා යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ,අනුරාධපුර, ඉපලෝගම, පුංචිකුළම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා,

"ජනාධිපති කිව්වම අපිට මතක් වෙන්නේ රජ කෙනෙක් වගේ එකක්නේ, හැබැයි ජනාධිපති කියන්නේ අපේ ඡන්දය දීලා පත් කර ගන්නා මහජන සේවකයෙක්, අපේ රටේ ජනාධිපති අමතන්නේ, මුලින් කිව්වා ‘ගරු ජනාධිපති ‘කියලා, මේ අයට ගරු මදි වුණා ඊට පස්සේ ඊට පස්සේ ‘අතිගරු ජනාධිපති ‘කිව්වා.ඊට පස්සේ ඒකත් මදි කියලා ජේ.ආර්ගේ කාළයේ ‘අතිගරු ජනාධිපති උතුමානෝ ‘ කිව්වා, දිව්‍ය ලෝකයේ මට්ටමින්. ප්‍රේමදාස ආවට පස්සේ ඒක වෙනස් කරලා ‘ශ්‍රීමතානෝ‘, රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතානෝ කිව්වා.

එයා ශ්‍රීමතානෝ වෙන කොට නෝනා ආර්ය්‍යාව වුණා.අපිට භාර්ය්‍යාවෝ-ඒ ගොල්ලන්ට ආර්ය්‍යාවෝ,දැන් මේ සියලු ආර්ය්‍යාවෝ 21 වැනිදා භාර්ය්‍යාවෝ කරමු නේද?මේක විකාරයක් කියලා හිතෙන්නේ නැද්ද? එක මිනිහෙකුට අපි උතුමානෝ කියනවා, ශ්‍රීමතානෝ කියනවා, එහෙම ඕන නෑනේ, සාමාන්‍යය මිනිස්සුනේ, අපිට ඕක වෙනස් කරන්න පුලුවන් ඕන නම්, කැමති නම් ඔය ගොල්ල, 21 ඔයගොල්ල ඡන්දය දීලා, 22 අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රාහණය කළාම අපිට ඉන්නවා ජනාධිපති සහෝදරයෙක්.අනුර සහෝදරයා කියලා කියන්න පුලුවන් භය නැතිව.කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ, අපි එහෙම එකක් හදන්න ඕන.මේ ගොල්ල ගන්න වරප්‍රසාද ඔක්කෝම නවත්වන්න ඕන.

දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රීටම අවුරුදු 05 ක් පැන්නම හම්බෙනවානේ විශ්‍රාම වැටුපක්, ඒක සාධාරණ නෑනේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා, අවුරුදු 2 ½ ක් තනතුරේ හිටියා, ඊට පස්සේ තනතුර දාලා ගියා, සේවය අත්හැර ගියා, ගිහින් රවුමක් ගහලා ආයේ ආවා, දැන් ඒ ගෝඨාභයට අපේ සල්ලි වලින් ගෙයක් දීලා තියෙනවා, වාහනයක් දීලා තියෙනවා, රියදුරෙක් දීලා තියෙනවා, තෙල් ගහලා දෙනවා, ඒ ගෙදර ලයිට් බිල්-වතුර බිල් ගෙවනවා, පොලිස් ආරක්ෂාව දීලා තියෙනවා, ලේකම් කෙනෙක් දීලා තියෙනවා, ලේකම්ට පඩි ගෙවනවා.මේ සේවය අතහැරලා පැනලා ගියපු මිනිහට විශාල මුදලක් ගෙවනවා.වැඩේ බෑ කියලා පැනලා ගියපු මිනිහට අපේ සල්ලි ගෙවන එක සාධාරණද? හමුදාවෙන් පැනලා ගියොත් මොකුත් හම්බෙන්නේ නෑ නේද? ගුරුවරයෙක් පැන්ෂන් යන්න කලින් සේවයෙන් යනවා පැන්ෂන් එක හම්බෙන්නේ නෑනේ, හැබැයි අපේ රටේ මන්ත්‍රීවරයාට එහෙම නෙමෙයි අවුරුදු 2 ½ කින් පස්සේ දාලා ගියත් අර ඔක්කෝම ටික දෙනවා.

ඒක නවත්වන්න ඕන, ඒ නිසා මාලිමාවේ ආණ්ඩුවක් හදපු ගමන්ම මන්ත්‍රීවරු, ඇමතිවරු, ජනාධිපතිලාට දෙන විශ්‍රාම වැටපු මුළුමුනින්ම අහෝසි කරලා දානවා.සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අම්මාව බලා ගන්නේ කවුද? ඔයගොල්ල. සජිත් මහත්තයා බලා ගන්නේ නෑ,ගේ දීලා තියෙන්නේ මහජන මුදලින්, කන්න දෙන්නේ මහජන මුදලින්, විශ්‍රාම වැටුප දෙන්නේ මහජන මුදලින්, සජිත් මහත්තයා රට හදන්න කියලා වටේ ඇවිද්දට අම්මාව බලා ගන්නේ නෑ, අපි සහතික වශයෙන්ම ලබන 22 වැනිදායින් පස්සේ සජිත් මහත්තයාගේ අම්මාව සජිත් මහත්තයාට භාර දෙනවා බලා ගන්න කියලා.අපේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එක නවත්වනවා.වාහන පර්මිට් දීපු ගමන් විකුණ ගන්නවා කෝටි 02 කට විතර.වාහනයක් ඕන නම් වාහනයක් දෙනවා පැදලා යන කොට ඒක දීලා යන්න ඕන.ඒ නිසා අපි වරප්‍රසාද අහෝසි කරලා ඒ ගොල්ල මහජන සේවකයෝ බවට පත් කරනවා. මන්ත්‍රී ගරු නම් ගරු ලෙස වැඩ කරන්න එපැයි නේද? ගරු කියලා කියන්න පුලුවන් කෙනෙකුට එයා කරන සේවයට වැටුප් ගන්නේ නැත්නම් විතරයි.ගමේ මරණාධාර සමිතියේ සභාපති වැටුප් ගන්නේ නැති නිසා එයා ගරු සභාපති.

මේ මිනිස්සු වැටුපත් ගන්නවා, වාහනත් ගන්නවා, හොරකමුත් කරනවා ඒ ඔක්කොම කරගෙන දාගන්නවා ගරු කියලා.ගරු නෙමෙයි හොරු.දේශපාලඥයොන්ගේ වරප්‍රසාද අහෝසි කරලා දේශපාලනයට සාමාන්‍යය කෙනකුට එන්න පුලුවන් තැනට ගේනවා.ඔය ටික කළාම අපිට මේ රට වෙනස් කරන්න පුලුවන්.

අවුරුදු 76 ක් තිස්සෙ මේ රට කාපු මේ රට වට්ටපු, මේ රට බංකොලොත් කරපු මේ පාලනයෙන් අපි නිදහස් වෙන්න ඕන, මේක පරද්දන්න ඕන, ඉතිහාසයේ පළවැනි වතාවට අපි ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕන, ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් හදන්න ඕන. ජනතාව එක්ක අත්වැල් බැඳ ගන්න ආණ්ඩුවක් හදන්න ඕන .අපි මේ රටේ ආර්ථිකය හදන්න ඕන ,අපි අපේ රටේ ජාතික සමඟිය ඇති කරන්න ඕන නැවත මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුම් ඇති වෙන්නේ නැති වෙන්න, මේ ගොල්ල ඒ අපරාධයත් කළා නේ, බලය වෙනුවෙන් මේ ගොල්ල කොච්චර මිනී මැරුවාද? දුර හිතන්න එපා, පාස්කු ප්‍රහාරය ගන්න, උදේ පල්ලියේ දෙවියන් අදහමින් ඉන්න මිනිස්සු 300 ක් මරලා දානවානේ ජනාධිපතිකමක් ගන්න, එවැනි ගැටුම් නැති ජාතික සමගිය තියෙන රටක් අපි හදන් න ඕනකම තියෙනවා.අපි කාටත් සතුටින් ඉන්න පුලුවන් රටක් ඕන, අපි දැන් ජීවිතය විඳින්නේ නෑ විඳවනවා.අපිට සතුට නෑ, අපේ ඔලුවේ ප්‍රශ්න ගොයක් තියෙන්නේ.

රෑට කන්නේ කොහොමද? හෙට කන්නේ කොහොමද? දරුවෝ ඉස්කෝලේ යවන්නේ කොහෙමද? එයා මෙච්චර ඉල්ලුවා ඒක කොහොමද දෙන්නේ? ටියුෂන් එක ගෙවාගන්නේ කොහොමද? අසනීපයට බෙහෙත් ගන්න යන්න විදිහක් නෑ ,ඒ නිසා අපි පීඩාවක ඉන්නවා.අපේ කනේ, කරේ තියෙන්න ඕන ඒවා කොහෙද තියෙන්නේ? අපේ නංගිලාගේ, සහෝදරියන්ගේ කනේ කරේ තියෙන්න ඕන ඒවා බැංකුවේ නැත්නම් උකස් කඩ වල, රත්තරන් , බයිසිකලේ, ට්‍රැක්ටරේ උකස් තියනවා.අපි එහෙම අමාරු ජීවිතයක් ගත කරනවා.අපි ජීවිතය විඳවනවා.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි හදන්න ඕන, ඒක කරන්න නම් බලය ගන්න ඕන මේ ගොල්ලන්ගෙන් අපි අතට, මහජනතාව අතට බලය ගන්න ඕන, මේ පාර මේ ජනාධිපතිවරණය දිනන්න පුලුවන් තත්වයක් අපිට ඇවිත් තියෙනවා.

රටේ සාතිශ්‍ය බහුතරයක් ජනතාව දැන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.වෙනදා වෙන පක්ෂ වලට වැඩකරපු සියලු දෙනා ඒවා අත්හැර දාලා අපිත් එක්ක වැඩ, පොහොට්ටුවට වැඩ කරපු විශාල ප්‍රමාණයක් 99% ක් ම දැන් මාලිමාවට වැඩ , සමඟි ජන බලවේගයේ හිටපු ගොඩක් දෙනා මාලිමාවට වැඩ, එක්සත් ජාතික පක්ෂයට හිටපු ගොඩක් දෙනා මාලිමාවට වැඩ, ඒ නිසා තමයි මාලිමාවේ ජයග්‍රහණය තියෙන්නේ.ඒ නිසා අපි ඒ හැම දෙනත් එක්කම අත්වැල් බැඳ ගෙන තාමත් ආවේ නැති අය ඉන්නවා නම් ඒ අයටත් කථා කරලා මෙතැන්ට එකතු කර ගෙන, අපි මේ රට වෙනස් කරනවා කියන අධිෂ්ඨානය ඇතිව අපි විශාල මහජන බලයක් හදලා, ලබන 22 ජයග්‍රහණය කරන්න ඕන ,ඒ වෙනුවෙන් අපි මහන්සි වෙමු,

මේ ගොල්ල අපිව ප්‍රකෝප කරන්න උත්සහ කරාවී, අපි ප්‍රකෝප වෙන්න ඕන නෑ, මං දැක්කා ප්‍රවෘත්තියක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පැත්තේ කාර්යාලයක් ගිණි තියලා, මීරිගමත් එකක් ගිණි තියලා.ඒ ගොල්ලන්ට කාර්යාල දාන්න බෑ, කාර්යාලයක් දාන්න තැනක් හම්බෙන්නේ නෑ, ඒ නිසා අපි දාපු කාර්යාලය ගිණි තියනවා.එකක් ඊරිසියාව, අනෙක් එක ඒ ගොල්ල උත්සහ කරනවා අපිව ප්‍රකෝප කර ගන්න.අපි ඒ ගොල්ලන්ට කියනවා අපි ඕවාට භය වෙන්නෙත් නෑ, මිනිස්සු නැති වෙලාවට ඇවිත් කාර්යාලයක් ගිණි තියන එක චන්ඩිකමක් නෙමෙයි.

ප්‍රජාත්‍රන්තවාදී රටක කාර්යාලයක් දැම්මට පස්සේ ඒක ගිණි තියනවා නම් එතන තියෙන්නේ ප්‍රචන්ඩත්වය.මාලිමාවේ ආණ්ඩුවක් ආවම කළබල ඇති වෙයි කියන කට්ටිය දැන්ම කළබල කරන්න උත්සහ කරමින් ඉන්නවා.කාර්යාල ගිණි තියන්න ඒ ජාති කරන්න පටන් අරන් තියෙනවා.අපි කවුරුත් කළබල වෙන්න ඕන නෑ, ප්‍රකෝප වෙන්න ඕනත් නෑ, භය වෙන්න ඕනත් නෑ,අපි මහජන බලයක් හදලා ඡන්දෙන් උත්තරයක් දෙන්න ඕන ඔය ගොල්ලන්ගේ හොරකම්, මැරකම්, ජඩකම්, ප්‍රජාත්‍රන්ත විරෝධීකම් සියල්ලම අපි පරාජයට පත් කරනවා කියන අධිෂ්ඨානයෙන් අපි ඉස්සරහට යන්න ඕන."

ReeCha