ව්‍යාපාරිකයා ඝාතනය කෙරූ සැකකරුවන් කොටු වෙයි

Businessman Law and Order Murder Sinhala news Breaking News
By Kaushi Jun 30, 2025 03:18 PM GMT
Kaushi

Kaushi

Report

කුරුණෑගල, මහව දියබැටේ කැළෑබද ප්‍රදේශයක දී ව්‍යාපාරිකයෙක් ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

මෙසේ ඝාතනය වූයේ කමල් සම්පත් නම් වයස අවුරුදු 49 ක ව්‍යාපාරිකයෙක්. ඒ අනුව ඔහුගේ සිරුර ඝාතනය කර තිබියදී ඉකුත් 26 වන දින සොයා ගෙන තිබුණා.

ඒ අනුව මෙම ඝාතන සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහි ප්‍රතිඵල අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් දොරටියාව සහ මහව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

එසේම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබී ව්‍යාපාරිකයාගෙන් පැහැරගත් බව කියන රුපියල් ලක්ෂ 14 ක මුදල් සහ රුපියල් ලක්ෂ 48 කට අධික වටිනා රන් භාණ්ඩ ද සොයාගෙන ඇති බවට වාර්තා වේ.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 සහ 27 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කරයි.

සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද?

සුපිරි නිළිය හදිස්සියෙ මැරුණේ මේ නිසා, හේතුව ඇහුවොත් පුදුම වෙයි..වයසට යනවා කියලා මෙහෙම කරලා හරියනවද?

ReeCha