ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට සුබම සුබ පණිවිඩයක්

Report

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිව ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන තොගයක් රැගෙන හොංකොං රාජ්‍යයට අයත් සීෆ්‍රොන්ටියර් (Seafrontier) නෞකාව කොළඹ වරායට පැමිණ ඇතැයි  පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, එම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාවට ගොඩබෑම කටයුතු සිදුකර ඇති බවයි.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

තවද, ඉන්ධන තොගයේ අනෙකුත් කොටසක් අද පස්වරුවේ කොළඹ වරාය, ඩොල්පින් ජැටිය වෙත පැමිණ, එම තොගය  කොලොන්නාව ගබඩාවට සම්ප්‍රේෂණය කිරීම සිදු වූ බවද දන්වා ඇත.

මෙම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන තොගය තුළ 90 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800ක් ඇතුළත් වී ඇති අතර, එමඟින් දේශීය ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මහත් සහය ලබා දෙනු ඇත.

පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙනස්වෙයි, සුබ පණිවිඩයක්

පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙනස්වෙයි, සුබ පණිවිඩයක්