මියගිය ඉරාන නාවිකයින්ගේ අවමංගල්‍ය උත්සවයට එක්වන්නැයි ඉරාන ජනපතිගෙන් ඉල්ලීමක්

Report

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ඇති මුහුදේදී ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය 'IRIS Dena' ඉරාන නාවික නෞකාවේ නාවිකයින් 84 දෙනාගේ දේහයන් ඉරානයට රැගෙන යාම සිදුවිය.

එහිදී ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙන මෙන් ඉරාන ජනාධිපති ටෙහෙරාන් වැසියන්ගෙන් ඉල්ලා සිටින බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය සඳහන් කරන්නේ, ඉරානයේ සතුරන් එක කරුණක් හොඳින් වටහාගත යුතු බවට ජනාධිපතිවරයා පැවසූ බවයි.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

එහිදී ජනපති,

"මෙම උසස් ප්‍රාණ පරිත්‍යාගීන් එක් අයෙකුගේ නාමය අභියස, තවත් දහස් සංඛ්‍යාත නිර්භීත මිනිසුන් නැගී සිටිනු ඇති"බවයි.

යනුවෙන් සඳහන් කර ඇත.

එමෙන්ම ජනතාවට ගෞරව දැක්වීම සඳහා, මියගිය නාවිකයින්ගේ දේහයන් සහිත මිනී පෙට්ටි ටෙහෙරාන් අගනුවර පුරා ස්ථාන 34ක තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බව ඉරාන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරති.

පිරවුම්හළක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි - හේතුව මෙන්න

පිරවුම්හළක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි - හේතුව මෙන්න