විදුලි වාහන හිමියන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විදුලි වාහන හිමියන්ගෙන්, වාහන දහවල් කාලයේදී බැටරි ආරෝපණය (recharge)කරන මෙන් ඉල්ලීමක් කරයි.
මෙම ඉල්ලීමේ අරමුණ ලෙස ජනපතිවරයා සඳහන් කළේ, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පවතින උපරිම විදුලි ඉල්ලුම (peak demand) අවම කිරීමට මෙය විකල්පයක් බවයි.
එමෙන්ම මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, පද්ධතියේ අධික විදුලි පාරිභෝජනය කළමනාකරණය කිරීම මෙහි මූලික අරමුණ බවත්, සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති දහවල් කාලයේදී උපරිමයෙන් පවතින බැවින්, එම කාලයේ වාහන ආරෝපණය කිරීම වඩාත් සුදුසු බවය.