ඉන්ධන සැපයුම අඩුවෙයි ඉල්ලපු ප්‍රමාණය හම්බෙන්නෑ - ජනපතිගෙන් දැනුම්දීමක්
මැදපෙරදිග යුධමය වාතාවරණය අනුව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සේවාවන් පවත්වාගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබේ. එහිදී ඉන්ධන ගැටලුව ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ජනපති අද අදහස් දක්වා තිබුණේ පහත ආකාරයෙනි,
''ඉන්ධන වලට අපි ඉතා හොඳ දිගු කාලීන ටෙන්ඩර් ප්‍රධානය කරල තිබුණා. නමුත් දිගු කාලීන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන් අපිට බොර තෙල් සැපයුම් මෙට්‍රික් ටොක් 90000 නැව් දෙකක් නියමිත කාලයට ලබාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කාලයක් ප්‍රමාද වී එම නැව් ලැබෙන බවයි වාර්තාකර තිබෙන්නේ. පෞද්ගලික අංශය අපේ සැපයුම්කරුවන්, තෙල් අලෙවි කරන්නන් ඉන්නවා ඔවුන්ගේ කෙ නැවක් නියමිත කාලයට ලැබෙන්නේ නෑ කියලා දැනට වාර්තා වෙලා තියෙනවා.. ඒ නිසා අපිට අවශ්‍ය වන ඉන්ධන සැපයුමේ අඩුවක් තිබෙනවා'