නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට අනුමැතිය

Report

 නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මෙට්‍රික්ටොන් 300,000±10% (නැව්ගත කිරීම් 05ක්) හදිසි ප්‍රසම්පාදනයක් ලෙස සපයා ගැනීම පිණිස 2026-01-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම යටතේ ලියාපදිංචි වී සිටින ගල් අඟුරු සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ .

ඒ සඳහා ලංසු 06ක් ලැබී ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙනස්වෙයි, සුබ පණිවිඩයක්

පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙනස්වෙයි, සුබ පණිවිඩයක්