බස්නාහිර පළාත් සියලුම ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
බස්නාහිර පළාතේ අපරාධ මැඩලීමට සහ තොරතුරු ලබාගැනීමට මහජනතාවට නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දෙන ලදී, බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙම අංකය බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ මෙහෙයුම් මැදිරිය තුළින් පැය 24 ක් ක්‍රියාත්මක වන අතර, එම දුරකථන අංකය ඔස්සේ දැනුම්දීම් සිදු කළ හැකි වේ.
එමෙන්ම බස්නාහිර පළාතේ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳ තොරතුරු මෙම අංකය ඔස්සේ ලබාදිය හැකි අතර, තොරතුරු සපයන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන බවට සඳහන් කරයි. WhatsApp අංකය: 0777128128