මන්නාරම සිට මුල්ලිකුලමට නව විදුලි පද්ධතියක්

Report

මන්නාරම ග්‍රීඩ් උපපොළේ සිට මුල්ලිකුලම් රැස් කිරීමේ ග්‍රීඩ් උපපොළ දක්වා ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතිය මුල්ලිකුලම සුළං විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් B යටතේ ක්‍රියාත්මක වන අතර, කිලෝමීටර 28 ක් දිගින් යුත් කිලෝවෝල්ට් 220ක ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කර ඇත.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

එහිදී ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ.

ලංසු ඇගයීමෙන් පසු, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කළ සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන JSL & Fentons Joint Venture Intend (Jyoti Structure Limited, India සහ Hayleys Fentons Limited, Sri Lanka) වෙත කොන්ත්‍රාත්තුව ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම බදු රහිතව ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,269.18කි.

පිරවුම්හළක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි - හේතුව මෙන්න

පිරවුම්හළක ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි - හේතුව මෙන්න