අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනයට අනුමැතිය

Report

විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, අත්අඩංගුවේ පවතින අන්තරායකර ඖෂධ බැහැර කිරීමේ ක්‍රියාපටිපාටිය සහ ඉදිරියේදී අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නීති හඳුන්වා දීමේ යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට අනුමැතිය ලැබී ඇත.

ලිට්‍රෝ ගෑස් හිමියන්ට සුබම සුබ ආරංචියක් - ආයේ ගෑස් නැතිවෙන්නෑ

ලිට්‍රෝ ගෑස් හිමියන්ට සුබම සුබ ආරංචියක් - ආයේ ගෑස් නැතිවෙන්නෑ

කමිටුව විසින්, සියලු පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, අත්අඩංගුවේ ඇති මත්ද්‍රව්‍ය ක්ෂණිකව විනාශ කිරීම සඳහා පහසුකම් සැලසීම සහතික කරයි.

ඒ සඳහා, විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනතේ 77 අ වගන්තිය ඇතුළුව සංශෝධන සකස් කර, නීති කෙටුම්පත් සම්පාදකයා මූලික පනත් කෙටුම්පත සකස් කර ඇත.

එම පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් සකස් කිරීම සඳහා උපදෙස් නීති කෙටුම්පත් සම්පාදක වෙත ලබා දීම පිණිස, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

බස්නාහිර පළාත් සියලුම ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

බස්නාහිර පළාත් සියලුම ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්