වීසා නැතිව සිටි 134ක් අනුරාධපුරෙන් මාට්ටු - නීතීවිරෝධී වැඩක් කළ බවට සැකයක්

Report

අනුරාධපුර නගරය සහ මිහින්තලේ නගරයේ සුඛෝපභෝගී හෝටල් පහක, විසා බලපත්‍ර නොමැතිව දිගු කාලයක් රැදි සිටි විදේශීය ජාතිකයින් 134 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතර චීන ජාතිකයින් 124 දෙනෙකු, මියන්මාර් ජාතිකයින් 6 දෙනෙකු සහ තායිවාන් ජාතිකයින් 4 දෙනෙකු සිට ඇත.

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

සුබ ආරංචියක් - මේ අයට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ ලීටර 15ක් දෙනවා

රාජ්‍ය බුද්ධි අංශයේ ලබාදුන් තොරතුරු අනුව, අනුරාධපුර නගරයේ සුඛෝපභෝගි හෝටල් හතරක ද මිහින්තලේ නගරයේ පිහිටි එක් සුඛෝපභෝගි හෝටලයක ද මෙම පිරිස විසා බලපත්‍ර නොමැතිව දිර්ඝ කාලයක් රැදි සිටි බව රාජ්‍ය බුද්ධි අංශ පවසයි.

එම හෝටල් පරිශ්‍රවලට වෙනත් පුද්ගලයන්ට ඇතුලු විමට ඇති අවස්ථාවන් එම හෝටල් හිමියන් විසින් ලබාදි නොමැත.

එමෙන්ම මෙම විදේශීය ජාතිකයන් පමණක් එම හෝටල්වල පරිගණක භාවිතා කරමින් සිට ඇති බවත් බුද්ධි අංශ විසින් අනාවරණය කොට ගෙන තිබුණි. මොවුන් නීති විරෝධි ආකාරයේ මුල්‍ය ජාවාරමක නිරතව සිටින බවට බුද්ධි අංශ සැකපල කරයි.

ආයේ eZCash සහ mCash භාවිතා කරලා මේ ගණුදෙනු තහනම් - නව නීතියක්

ආයේ eZCash සහ mCash භාවිතා කරලා මේ ගණුදෙනු තහනම් - නව නීතියක්