මෙයාව දැක්කද ? දුටු තැන වහාම කියන්න - බෙල්ල කපලා පැනලා ගිය භයානක අපරාධකරුවෙක් සොයයි

Report

පොලිසිය විසින් තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි.

2025.04.18 වන දින මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේදී වයස අවුරුදු 34ක් වන කාන්තාවකගේ ගෙළ තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර තිබුණි.

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

මෙම අපරාධය සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. 

සැකකරුගේ විස්තර නම - බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත

ලිපිනය - නො.78/01, ඉහලකන්ද, අගලවත්ත

ජා.හැ.අංකය :- 840321401V

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

ඔබේ දරුවාව බේරගන්න - පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි

දුරකතන අංක - මූලස්ථාන පොලිස් පරීක්ෂක - මතුගම 071 - 8591701

ස්ථානාධිපති අපරාධ විමර්ශන අංශය - මතුගම 071-8594381

මෙයාව දැක්කද ? දුටු තැන වහාම කියන්න - බෙල්ල කපලා පැනලා ගිය භයානක අපරාධකරුවෙක් සොයයි | Suspect Wanted In Matugama Murder