දෙවියනේ මේවා වස් වදින වැඩ - උතුම් සිරිපා අඩවියේ අමානුෂික වැඩක්
මස්කෙළිය පොලිසියේ නිළධාරින් විසින්, ස්ටැස්පි වතුයයට ඉහළින් පිහිටි සමලනළ ස්වාභාවික රක්ෂිතයේ ඇළ මාර්ගයක් අසළ නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙකු උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධි අංශයේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් අනුව, මස්කෙළිය පොලිසියේ නිළධාරින් පිරිසක් එම රක්ෂිතය තුළ පිවිසිමෙන්, දින එක හමාරක් රැඳී සිට සැකකරුවා නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් පෙරීමේ ස්ථානය වටලා ඇති බවට වාර්තා වේ. මෙම වැටලීමේදී ගෝඩා ලීටර් 210ක් විනාශ කර තිබේ.
එමෙන්ම, සැකකරුවා විසින් පෙරා තිබූ ස්ප්‍රිතු මිලි ලීටර් 1,500ක් සහ නීති විරෝධී මත්පැන් පෙරීමට භාවිතා කළ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු එම වතුයායේම පදිංචි, අවුරුදු 69ක් වන පුද්ගලයෙකි. මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමර මහතා පවසන පරිදි, පොලිස් විසින් සැකකරුවාට එරෙහිව හැටන් මසේස්ත්‍රාත් අධිකරණය හරහා නීතිමය පියවර ගෙන ඇත.