''ෂින්සෝ අබේට වෙඩි තිබ්බේ මම '' – මිනීමරුවා අධිකරණයේ වරද පිළිගනී
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනයේ සැකකරු එම ඝාතනය තමා සිදු කළා යැයි පිළිගෙන තිබේ.
ඒ එම ඝාතනයන් වසර තුනකට පසු එම නඩු විභාගයකට පෙනී සිටිමින්ය.
ඒ අනුව විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ “මම එය කළ බව සත්‍යයක්,” යනුවෙන් නඩු පවරන්නන් විසින් කියවන ලද චෝදනා ටෙට්සුයා යමගාමි නම් පුද්ගලයා මෙලෙස පිළිගන ඇති බවයි.
ඒ අනුව 45 හැවිරිදි එම පුද්ගලයා මෙලෙස වරද පිළිගෙන තිබුණි.
ඔහු වෙත 2022 ජූලි මාසයේදී ජපානයේ බටහිර නගරයක් වන නාරා හි මැතිවරණ කතාවක් අතරතුර දේශීය ගිනි අවියකින් අබේට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී තිබුණි.
මෙම ටෙට්සුයා යමගාමි නම් පුද්ගලයා මතභේදාත්මක ආගමික ව්‍යාපාරයක් වන යුනිෆිකේෂන් පල්ලියට එරෙහිව වෛරයක් ඇති කර ගත් අයකු බව වාර්තා වේ
තවද එම පල්ලියට අබේ සහ අනෙකුත් ජපන් දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා ඇති බව ඔහු විශ්වාස කර තිබුණි.
එවගේම පොලිසිය අනාවරණය කර ඇත්තේ 1953 දී කොරියානු යුද්ධය අවසන් වී වසරකට පසු දකුණු කොරියාවේ ආරම්භ කරන ලද එම පල්ලියට ඔහුගේ මව කළ දැවැන්ත පරිත්‍යාග ඔහුගේ පවුලේ මූල්‍ය බිඳවැටීමට හේතු වී ඇති බවයි.