IMF ගණුදෙණු ගැන සුසිල් කිව්ව කතාව.. (VIDEO)

By Sithumi Sep 08, 2022 06:58 PM GMT
Sithumi

Sithumi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙතෙක් ගිවිසුමකට එළඹ නොමැති බව අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ දෙපාර්ශ්වය අතර දැනට පවතින්නේ එකඟතාවක් පමණක් බවය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් අතර ගිවිසුමක් අත්සන් කර නැහැ. නමුත් දෙපාර්ශ්වය අතර එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒවා අනුමත වුණාට පස්සේ ප්‍රසිද්ධියට පත්කරනවා. ඒ සඳහා තව කාලයක් ගතවේවි."