මෙරට ඇමති සුසිල් හම්බ වූ හම්බ වූ රාජ්‍ය තාන්ත්‍රිකයා..?

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද (02) පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

මෑත දී ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය කඩිනම් අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බවයි එහිදී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවණතා පිළිබඳ සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

යුනෙස්කෝ ආයතනයේ උපදෙස්වලට අනුකූලව එම අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සිදුවන බව ද එම හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කාලීන වැදගත්කමකින් යුත් විෂයක් වූ දේශගුණික විපර්යාස පිළිබඳ පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීම සඳහා ඒ සම්බන්ධ විෂයක් පාසල් විෂයමාලාවට එක් කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවයි.