සුරේෂ් සලේට මේ වෙද්දී කිසිසේත්ම අසාධ්‍ය තත්ත්වයක් නැහැ - ඇමති නලින්ද

Report

ආරක්ෂක අංශ භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට කිසිදු ආකාරයක අසාධ්‍ය හෝ දරුණු සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ නිල රැඳවුම් නියෝග යටතේ පසුවන ඒ මහතා මේ වන විට විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පවතින බවත්, රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඔහු සම්බන්ධයෙන් නිරන්තර දැඩි වෛද්‍ය පරීක්ෂාවෙන් පසුවන බවත්ය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

රෝහල් ගතව සිටින සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින අතර මේ වන විට ඔහුට අවශ්‍ය සියලුම මූලික පෝෂණ කොටස් සහ ඖෂධ නිසි පරිදි ලබාදීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

ඉදිරියේදී නිකුත් වීමට නියමිත නිල වෛද්‍ය වාර්තා පදනම් කර ගනිමින් ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය සහ පරිපාලනමය කටයුතු සිදු කළ හැකි වනු ඇති බවත්, ඒ සියලු තීරණ රජය විසින් ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍යවරුන් ලබාදෙන වෘත්තීය නිර්දේශයන්ට අනුකූලව පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත අවධාරණය කර සිටියේය.

වහාම දැනුවත් වෙන්න විශේෂ නිවේදනයක් - හෙට පැය 19යක ජල කප්පාදුවක්

වහාම දැනුවත් වෙන්න විශේෂ නිවේදනයක් - හෙට පැය 19යක ජල කප්පාදුවක්