හිටපු ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Report

රස්නායකපුර පොලිස් ස්ථානයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල ලෙස පහරදී ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවලට තමන්ට අභියාචානාධිකරණය මගින් නියම කළ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියෝගය නීතියට පටහැනි බව පවසමින් එය බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසි දෙනෙකු ගොනු කල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවට සඳහන් වේ.

ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක් ලැබේ?

ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක් ලැබේ?

ඒ අනුව විත්තිකරුවන් විසිදෙනාට අභියාචනාධිකරණය මගින් නියම කර ඇති බරපතල වැඩ සහිත සිර දඬුවම යළි තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණය විත්තිකරුවන්ට නියම කොට ඇති බරපතල වැඩ සහිත සිර දඬුවම් බලාත්මක කිරීමටයි නියෝග කර තිබේ.

කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ එවකට හිටපු උපසභාපතිවරයා සහ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ එවකට හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසි දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබූණි.

සුපිරි වෙළඳසැලක දරුණු ගින්නක්

සුපිරි වෙළඳසැලක දරුණු ගින්නක්