රු. මිලියන 6.6ක් ගෙවන්න, පුවත්පත්වල සමාව ඉල්ලන්න - හිටපු ඇමති ෆවුසිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Report

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජය විසින් පරිත්‍යාග කර තිබූ වාහනයක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 6.6ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අමාත්‍යවරයාට නියෝග කර ඇත.

එම මුදලින් රුපියල් 1,664,334.93ක මුදලක් මාසයක් ඇතුළත ගෙවිය යුතු අතර, ඉතිරි මුදල මාස දෙකක් ඇතුළත ගෙවීමට නියම කර තිබේ.

ආණ්ඩුව හෙල්ලෙන්න තවත් දැවැන්ත රැළියක්.. අනුරාධපුරයට නොදෙවෙනි ජන බලයක් පෙන්වන්න පොහොට්ටුව සූදානම්

ආණ්ඩුව හෙල්ලෙන්න තවත් දැවැන්ත රැළියක්.. අනුරාධපුරයට නොදෙවෙනි ජන බලයක් පෙන්වන්න පොහොට්ටුව සූදානම්

මීට අමතරව, අදාළ වාහනයේ ඡායාරූපයක්ද සහිතව සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් පුවත්පත්වල මුල් පිටුවේ අඩක ප්‍රමාණයක සමාව අයැදීමේ දැන්වීමක් පළ කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

එම දැන්වීම මාසයක් ඇතුළත පළ කළ යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.  

තීන්දුව එනතෙක් රටම බලන් සිටි නඩුවකින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

තීන්දුව එනතෙක් රටම බලන් සිටි නඩුවකින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්