ආණ්ඩුව හෙල්ලෙන්න තවත් දැවැන්ත රැළියක්.. අනුරාධපුරයට නොදෙවෙනි ජන බලයක් පෙන්වන්න පොහොට්ටුව සූදානම්
ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස වත්මන් ආණ්ඩුවට බලපෑම් කිරීමේ අරමුණින්, අනුරාධපුරයේ පැවති ජන රැළියට සමාන දැවැන්ත මහජන රැළියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ, නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට සහාය දක්වන ජනතාවක් රට තුළ සිටින බවයි.
නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධ නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති පසුබිමක ඔහු වෙනුවෙන් ජනතාව එක්රැස් වෙමින් සිටින බවද ඩී.වී. චානක මහතා ප්රකාශ කර ඇත.
එමෙන්ම, 2029 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පරාජය කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, ශ්රී ලංකා පොදුජන පෙරමුණ සිය ආධාරකරුවන් යළි සංවිධානය කිරීම සහ වත්මන් ආණ්ඩුවට එරෙහි දේශපාලන ක්රියාකාරකම් තීව්ර කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරමින් සිටින පසුබිමක මෙම අදහස් පළ වී ඇත.