පොලු මුගුරුවලින් පහර දී සුපිරි වෙළඳසැලක සිදු වූ බිහිසුණු මංකොල්ලය වීඩියෝ සහිතයි.. ( CCTV VIDEO)

video srilankan Supermarcket Stallen
By Sithumi Feb 27, 2022 12:07 PM GMT
Sithumi

Sithumi

Report

තලංගම සුපිරි අවන්හලකට යකඩ පොලු රැගෙන කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් එහි සේවකයින් ට හා දේපළවලට හානි කරන අයුරු එහි සවිකර තිබු CCTV කැමරාවේ සටහන්ව තිබුණා

. එම පුද්ගලයින් විසින් අවන්හලේ තිබූ රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් හා දුම්වැටි බන්ඩල් 12ක් පැහැරගෙන ගොස් ඇතැයි තලංගම පොලීසිය සඳහන් කළා.

පහරදීම සිදුවන අවස්ථාවේ දී අවන්හල තුළ ආහාර ගැනීමට පැමිණි පාරිභෝගිකයින් රැසක් සිටි බව වාර්තා වනවා. මංකොල්ලය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් හොරෙයින් මත්කුඩු මිලිග්‍රෑම් 6,179 ක් සමග තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ජයවර්ධනපුර ප්‍රදේශයේ පදිංචි 42 පුද්ගලයෙක්. අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දර්ශන - හිරු නිව්ස්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now