'' හාමුදුරුවරු සිවුර ගලවලා දෙන්න පුළුවන් වද හිංසා දීලා මරලා දැම්මා'' අතීතය ආවර්ජනය කරමින් සුනිල් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

Report

පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු නොසන්සුන් කරන බව සුනිල් රත්නසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ

තවදුරටත් හදිසි නීතිය සම්බන්ධව එතුමා සදහන් කළෙ මෙවන් අදහසක්

''අපේ විපක්ෂයේ සත්‍යලිංගම් මන්ත්‍රීවරයාට ප්‍රශ්නයක් තිබ්බා මේ හදිසි නීතිය ප්‍රජාතන්ත්‍රවාදය එරෙහිව සිදු කරන්නට සැලසුම් කරන ලද්දක්ද කියලා .

අපේ රටේ තිබුණේ දීර්ඝ කාලයක් තිබ්බේ තමන්ගේ පාලනයට එරෙහිවන තමන්ට සවන් නොදෙන තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ අතකොළු බවට පත් නොවන ජනතාවට එරෙහිව නීති රීති අනපණත් ක්‍රියාත්මක කරපු ඉතිහාසයක් තිබ්බේ.

ඒ නිසා සත්‍යලිංගම් මන්ත්‍රීවරයාට හිතෙන්නට ඇති යාපනය පුස්තකාලය ගිණිබත් කරපු ඒවා අහිංසක මුස්ලිම් ,දෙමළ , සිංහල තරුණ දරුවෝ ඝාතනය කරපු ඉතිහාසේ. එතුමාගේ සැකය සාධාරණයි . නමුත්  අපේ ජනාධිපතිතුමා කිව්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න මේ හදිසි නීති අනපනත් භාවිත කරන්නේ නැහැ කියලා. ''

තවද පීඩාවට පත්ව සිටින ජනතාව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු නොසන්සුන් කරන බව සුනිල් රත්නසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ  

යටත් විජිත අසාධාරණයට වන්දි? ලංකාව එක්සත් රාජධානියට නිල ඉල්ලීමකට සූදානම්

යටත් විජිත අසාධාරණයට වන්දි? ලංකාව එක්සත් රාජධානියට නිල ඉල්ලීමකට සූදානම්

  වෙරළ සංරක්ෂණ නීතිය යටතේ හාමුදුරුවො අත් අඩංගුවට ගැනීම ගැන විපක්ෂය යොමුකළ ප්‍රශ්නයකට එතුමා පිළිතුරු දුන්නේ මෙලෙසින්

''  ගමකට ගිහින් හාමුදුරුවෝ තරුණ දරුවන්ට කිව්වනම් යුක්තිය වෙනුවෙන් හඩනගන්න කියලා ඒ හාමුදුරුවන්ට නැවත පන්සලට වඩින්න දුන්නැති කාලයක් තිබුණා. ධර්මචක්‍රය දාලා සිවුර ගලවලා දෙන්න පුළුවන් වද හිංසා දීලා මරලා දැම්මා .මේව මෙහෙව්වේ එතුමගේ තාත්තා කියලා ඉතිහාසයේ කළු අකුරින් ලියවිලා තියනවා විපක්ෂ නායක තුමාට මේවා මතක් කරන්න ඕනේ .අද පාර්ලිමේන්තුවේ කිඹුල් කදුළු හෙලනවා  ''